Saturday, November 2, 2024

General line - 0115112241

2025 පළමු මාස පහේ ඡන්ද දෙකක්

එන් ඒ ඩබ් නිරෝෂන්




ඉදිරි වසර ද මැතිවරණ වසරක් බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතීඥ සුනිල් වටගල මහතා පවසනවා.

ඒ අනුව ලබන ජනවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණයත් එතැන් සිට මාස 05 කින් පසු පළාත් සභා මැතිවරණයත් පැවැත්වීමට නියමිත බවයි කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු කියා සිටියේ.


මේ අතර, ජනාධිපතිවරණ වේදිකාවේදී ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට වර්තමාන ජනාධිපතිවරයා දැන් ප්‍රමුඛතාව ලබා දිය යුතු බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්‍ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ.