දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා නියමිත උසස්වීම් ලබාදීම තවදුරටත් ප්‍රමාද කිරීමට එරෙහිව ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එම සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා පැවසුවේ රාජ්‍ය සේවා කොමිසම හරහා ලැබී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම දුම්රිය බලධාරින් තවදුරටත් ප්‍රමාද කරමින් සිටින බවයි.
දුම්රිය සේවයේ අර්බුද රැසක් පවතින බවත් කඩිනමින් විසඳිය යුතු ගැටලුද ඒ අතර වන බවත් ඔහු පැවසුවා.
ඒ සම්බන්ධයෙන් වත්මන් රජයේ බලධාරින් දැනුවත් කර ඇති බවත් විසඳුම් නොලබෙන්නේ නම් ඉදිරි පැය 48 ඇතුළත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.