Saturday, November 2, 2024

General line - 0115112241

රන්ජන් රාමනායකගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන ලෙස ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

උදය කුමාර




ඉදිරි මහමැතිවරණයට තරඟ වැදීමට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධානයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන  නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව  ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ එම් මහින්ද සේනානායක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයින්, රන්ජන් රාමනායක, ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.