Saturday, November 2, 2024

General line - 0115112241

BMW වාහන සිද්ධියට ජොන්ස්ටන්ට ඇප

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්




ලියාපදිංචි නොකළ ඊඵඋ වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද ඇප මත මුදා හැරුණා.

ඒ අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප 05ක් සමගයි.

ඇප ලැබීමෙන් පසු අධිකරණයෙන් පිටතට පැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉකුත් දා අත්අඩංගුවට ගනු ලැබුවේද මෙම ලියාපදිංචි නොකළ BMW මෝටර් රථයේ සිද්ධියට අදාළවයි.

පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.