කොළොන්නාව තෙල් සංස්ථාවට අයත් මීතොටුමුල්ල අවට ප්රදේශයේ ඉන්ධන කාන්දුවක් සිදුව ඇති බව කොලොන්නාව තෙල් සංස්ථාවට අයත් නිමාව තෙල් සංස්ථාව පවසනවා.
ඒ, ගුවන් යානා භාවිතයට ගන්නා ඉන්ධන නළයක් පුපුරායෑම හේතුවෙන්. කොළඹ වරායේ සිට ඉන්ධන රැගෙන යන දුම්රිය මාර්ගය අසල ඉන්ධන නළයකට හානිවීමෙන් මෙම තෙල් කාන්දුව සිදුව ඇති බවයි නිමාව තෙල් සංස්ථාවේ නිලධාරීන් පවසන්නේ.
ස්ථානීය පරීක්ෂාවට නිලධාරීන් පැමිණි අවස්ථාවේදී එම හානි වූ නළය පිළිබඳව නිරීක්ෂණය වී ඇති බවයි ඔවුන් පැවසුවේ.
මෙම ඉන්ධන නළය ආශ්රිතව වෝට් 33,000 අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් සහ නිවාස කිහිපයක් පිහිටා තිබෙනවා.