වර්තමාන ආණ්ඩුව ජනතාවට ලබා දුන් කිසිදු පෙරොන්දුවක් කඩ නොකරන බව ජාතික ජන බලවේගයෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂිකා ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පවසනවා.
ඇය සඳහන් කළේ ක්ෂේත්‍ර කිහිපයකට පනවා ඇති වැට් බදු අඩු කිරීමේ යෝජනාව පවා මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු කර ඇති බවයි.
රට වෙනස් කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ගෙන යන වැඩපිළිවෙළ කිසිසේත් ආපසු හැරවීමක් සිදු නොවන බවයි ඇය පැවසුවේ.
ජාතික ජන බලවේගයෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂිකා ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.