සූකර උණ රෝගය පැතිර යාම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.
ඒ, දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය සඳහා අවදානම් ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමගයි.
ඒ අනුව බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන්නේ සූකර උණ රෝගය මිනිසුන්ට පැතිරීමේ අවදානමක් පවතීද යන්න සම්බන්ධවයි.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ සූකර උණ මිනිසුන්ට බෝ වීමේ ඉඩක් නොමැති බවයි.
එසේ නම් සූකර උණ රෝගය සම්බන්ධයෙන් පවතින අවදානම කුමක්ද?
සූකර උණ රෝගය පැතිර යාමේ අවදානම හේතුවෙන් මේ වන විට රටේ ඌරු මස් අලෙවිය සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ.
අප්‍රිකානු සූකර උණ රෝගය හෙවත් ්ත්ී වෛරසය මෙරටින් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වනවා.