එළඹෙන මහමැතිවරණයේදී ඉකුත් ජනාධිපතිවරණයට වඩා වැඩි ආරක්ෂාවක් යෙදවීමට තීරණය කර ඇතැයි පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් ඉහළ යාම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.
මෙවර මහමැතිවරණයට අදාළව මේ දක්වා අපේක්ෂකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද පැමිණිලි පිළබඳ කළ විමර්ශනවලින් අනතුරුවයි. පොලීසියට ලැබී ඇති මැතිවරණ පැමිණිලි 120ක්. අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් 120 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය විසින් ඉවත් කර ඇති පෝස්ටර් ප්‍රමාණය ලක්ෂ 05කට අධිකයි.