Monday, December 23, 2024

General line - 0115112241

ස්පාඤ්ඤයට දරුණු ගංවතුර තත්ත්වයක්




ස්පාඤ්ඤය දශක කිහිපයකින් පසු මුහුණ දුන් දරුණුතම ගංවතුර ව්‍යසනයට මේ වන විට මුහුණ දී සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අවම වශයෙන් පුද්ගලයින් 95 දෙනෙකු මේ වන විටත් මිය ගොස් ඇති බවයි. තවත් විශාල පිරිසක් අතුරුදහන් වී තිබෙනවා.

අධික වර්ෂාපතනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ නැගෙනහිර වැලෙන්සියා ප්‍රදේශයටයි. ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වූ අතර පාලම් සහ ගොඩනැගිලි රැසකට ද මේ වන විටත් හානි සිදුව තිබෙනවා.

වසර 51කට පසු ස්පාඤ්ඤ ජන ජීවිතය අද වන විට උඩු යටිකුරු වී තිබෙනවා.

ඒ, ස්පාඤ්ඤය දශක කිහිපයකින් පසු මුහුණ දුන් දරුණුතම ගංවතුර ව්‍යසනයට මේ වන විට මුහුණ දී සිටිමත් සමගයි.

එරට ජාතික කාලගුණ ඒජන්සිය පවසන්නේ ස්පාඤ්ඤයට වසරකදී ඇදහැළෙන සම්පූර්ණ වර්ෂාපතනය පැය අටක කාලයක් තුළ වාර්තා වූ බවයි.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව අවම වශයෙන් පුද්ගලයින් 95 දෙනෙකු මේ වන විටත් මිය ගොස් තිබෙනවා.

තවත් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි සඳහන්.

අධික වර්ෂාපතනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ නැගෙනහිර වැලෙන්සියා ප්‍රදේශයටයි.

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වූ අතර පාලම් සහ ගොඩනැගිලි රැසකට ද මේ වන විටත් හානි සිදුව තිබෙනවා.

පවතින තත්ත්වය සලකා ස්පාඤ්ඤ අගමැතිවරයා දින තුනක ජාතික ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කළා.

මීට පෙර ස්පාඤ්ඤයට මෙතරම් දරුණු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇත්තේ 1973 වසරේයි.

එහිදී මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 150ක්.