සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයා වන ‘ආමි චුටි’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් පිරිසක් විසින් බොරලැස්ගමුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් වන ධම්මික සමන් කුමාර නැමැත්තෙක්.
ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 06යි ග්‍රෑම් 910ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 17ක් සමග ලොරි රථයක් හා යතුරුපැදියක් ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.
භාරයට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් කෝටි විස්සක් වන අතර අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න බවයි එම නිලධාරීන් පැවසුවේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.