Monday, December 23, 2024

General line - 0115112241

ඊශ්‍රායල් - හිස්බුල්ලා ගැටුමෙන් දිනකට ලෙබනනයේ එක් දරුවෙකු මරුට




ඊශ්‍රායල සහ හිස්බුල්ලා සංවිධානය අතර යුධ ගැටුම හේතුවෙන් දිනකට ලෙබනනයේ  එක් දරුවෙකු හෝ මිය යන බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බර් 4 වන දින සිට මේ දක්වා දිනකට එක් දරුවෙකු මිය ගොස් ඇති බවයි එම සංවිධානය පවසන්නේ.

යුද්ධයෙන් තවත් දරුවන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ලෙබනනයේ පවතින යුද්ධය ළමා ජීවිත උඩු යටිකුරු කරමින් පවතින බවයි යුනිසෙෆ් සංවිධානය පැවසුවේ.

මේ අතර ලෙබනන් භාරකාර අගමැති නජීබ් මිකාටි පවසන්නේ ඉදිරි දිනවලදී ඊශ්‍රායලය සමඟ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

හිස්බුල්ලාගේ නව නායක නයිම් කසෙම් ප්‍රකාශ කලේ  සිය සංවිධානය කොන්දේසි යටතේ සටන් විරාමයක් පිළිගන්නා බවයි.