Monday, December 23, 2024

General line - 0115112241

ආර්ථික අර්බුද මධ්‍යයේ පකිස්ථානයේ නගරවල ජීවත්වීමට නොහැකි තත්ත්වයක්?




ආසියානු සංවර්ධන බැංකුව (ADB) මෑතකදී පකිස්ථානයේ නාගරික මධ්‍යස්ථානවල භයානක තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එමගින් පකිස්තානයේ නගරවල පිරිහෙන ජීවන තත්වයන් පිළිබඳ පැහැදිලි විග්‍රහයක් ලබා දී ඇති අතර  එයට හේතු වී ඇත්තේ පරීක්ෂා නොකළ නාගරීකරණය, ප්‍රමාණවත් නොවන යටිතල පහසුකම් සහ දුර්වල පාලනයයි.

වාර්තාව අවධාරනය කරන්නේ ක්ෂනික හා විස්තීර්ණ ප්‍රතිසංස්කරණයකින් තොරව, මිලියන සංඛ්‍යාත පදිංචිකරුවන්ට බලපෑම් කරමින් මෙම ගැටළු තවදුරටත් නරක අතට හැරෙනු ඇති බවයි.

“පකිස්තාන ජාතික නාගරික තක්සේරුව” නම් වාර්තාව මගින් ආසියානු සංවර්ධන බැංකුව පවසන්නේ නාගරික යටිතල පහසුකම් සහ සේවාවන්හි දිනෙන් දින පිරිහිම එම නගර මත පීඩනය තීව්‍ර වනු ඇති බවයි. 

2030 වනවිට පකිස්තානයේ නාගරික ජනගහනය මිලියන 99.4 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර එය රටේ මුළු ජනගහනයෙන් සියයට 40.7 කි. 

මිනිසුන් පැවැත්ම සඳහා අරගල කිරීමත් සමඟ කරච්චි වැනි නගර සාපරාධී ක්‍රියාකාරකම්වල වැඩිවීමක් වාර්තා කර තිබෙනවා. 

ආසියානු සංවර්ධන බැංකු වාර්තාවේ ඉදිරි වසර සඳහා පාකිස්තානයට මුහුණ දීමට සිදුවන අභියෝග ඇතුළත් වේ.

එම වාර්තාවේ සඳහන් කළේ 2020 සහ 2021 හි මධ්‍යස්ථ වුවද, පකිස්ථානයේ ජනගහන වර්ධනය 2017-2023 දී වාර්ෂිකව සියයට 2.55 ක සාමාන්‍යයක් වූ බවයි.

මෙය නාගරික ජනගහනයේ සියයට 3.65ක වාර්ෂික වර්ධනයකින් සනිටුහන් වූ අතර එය ග්‍රාමීය ජනගහනය මෙන් දෙගුණයකට ආසන්නය.