ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ග්‍රීසියේ අග්‍රාමාත්‍ය Kyriakos Mitsotakis දුරකතන සංවාදයක් පවත්වා තිබෙනවා.
එම දුරකථන සංවාදයේදී ඉන්දියාව සහ ග්‍රීසිය අතර උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ඔවුන්ගේ දැඩි කැපවීම නැවත අවධාරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම, නායකයින් දෙදෙනා මේ වසර මුලදී අගමැති මිට්සෝටාකිස්ගේ ඉන්දීය සංචාරයෙන් පසු දෙරට අතර වෙළඳාම, ආරක්ෂක, නාවික සහ සම්බන්ධතා ඇතුළු ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ක්ෂේත්‍ර ගණනාවක ප්‍රගතිය ද සමාලෝචනය කර තිබෙනවා.
මෑත කාලීන ඉහළ මට්ටමේ හුවමාරු හරහා ද්විපාර්ශ්වික සබඳතා උත්පාදනය කරන ලද ගම්‍යතාව ඔවුන් අගය කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
"බටහිර ආසියාවේ වර්ධනයන් ඇතුළු විවිධ කලාපීය සහ ගෝලීය ගැටළු පිළිබඳව ද නායකයින් දෙදෙනා අදහස් හුවමාරු කර ගත්හ" යනුවෙන් ඉන්දීය රජය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.