මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුව තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ වැල්ලවත්ත ප්රදේශයේ දුම්රිය මාර්ගයකට හානි සිදුවීම හේතුවෙන් එලෙස දුම්රිය ප්රමාදයක් සිදුව ඇති බවයි.
ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය වැල්ලවත්ත ප්රදේශයෙන් එක් මන්තීරුවකට පමණක් සීමාවී තිබෙනවා.
මෙම තත්ත්වය මත අද උදෑසන කාලයේ දුම්රිය රැසක් ප්රමාද වී ධාවනය වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.