Saturday, January 11, 2025

General line - 0115112241

දකුණු කොරියාවට දැඩි හිම පතනයක් - පස් දෙනෙක් මරුට




දකුණු කොරියාවට ඇදහැලෙන අධික හිම පතනය හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ  සෝල් අගනුවරට වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

1907න් පසු ඇති වූ තුන්වන අධික හිම පතනය මෙය වන අතර මේ වන විට ගුවන් ගමන් විශාල ප්‍රමාණයක් අත් හිටුවා තිබෙනවා.

සෝල් හි ප්‍රධාන ගුවන් තොටුපළ වන ඉන්චියොන්හි ගුවන් ගමන් පැය දෙකක පමණ ප්‍රමාදයකට ලක්වූ බවත් ඊයේ දිනයෙදී ගුවන් ගමන් 31% ක් ප්‍රමාද වී ඇති අතර 16% ක් අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර Gangwon පළාතේ Wonju හි අධිවේගී මාර්ගයක වාහන 53 ක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

තවද එරෙට Gyeonggi පළාතේ ළදරු පාසල් ඇතුළු පාසල් 1,285 ක් පමණ වසා දැමූ බවයි එරට බලධාරීහු පවසනවා.

අසල්වැසි උතුරු කොරියාවේ සමහර ප්‍රදේශවලට අඟල් 4 ට වැඩි හිම පතනයක් ලැබී ඇති බව එරට රාජ්‍ය  රූපවාහිනිය පවසන්නේ