Saturday, January 11, 2025

General line - 0115112241

සුරාබඳු ඉහළ දැමීම නිසා බියර් මිලත් ඉහළට




මධ්‍යසාර කාණ්ඩ 09ක් සඳහා අය කෙරෙන බදු ඉහළ දැමීම හේතුවෙන් රුපියල් 3,580ක්ව පැවති ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 102කින් ඉහළ ගොස් තිබෙනවා. 

රුපියල් 3,850ක් වූ පොල් අරක්කු බෝතලයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 109කින්. එමෙන්ම පරණ අරක්කු බෝතලයක මිල රුපියල් 4,000ක්ව පැවති අතර, එහි මිල රුපියල් 109කින් ඉහළ නංවා තිබෙනවා.

රුපියල් 4,250ක් වූ අති විශේෂ පරණ අරක්කු බෝතලයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 109කින්. 
මේ අතර සැර අඩු බියර් බෝතලයක් රුපියල් 30කින් ඉහළ දමා ඇති අතර, සැර වැඩි බියර් බෝතලයක් රුපියල් 40කින් ඉහළ යනු ඇති. 

දේශීයව නිපදවන විදේශීය විස්කි බෝතලයක මිලද රුපියල් 100කින් ඉහළ නංවා තිබෙනවා. එමෙන්ම විදේශීය මත්පැන් වර්ග ඒවායේ සැර ප්‍රමාණය අනුව මිල ඉහළ නැංවෙනු ඇති.

මේ අතර දුම්වැටි මිලද ඉහළ දමා තිබෙනවා. 

ඒ අනුව කාණ්ඩ 04ක් යටතේ දුම්වැටියක මිල රුපියල් 05ක් සහ 10ක් ලෙස වැඩිකර ඇති බවයි වාර්තා වන්නේ.