Saturday, January 11, 2025

General line - 0115112241

එජාපය කඩුවෙලින් වැඩ අරඹයි

එන් ඒ ඩබ් නිරෝෂන්




එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්වීම සඳහා වූ සාකච්ඡාවක් පැවැත් වුණා. 

ඒ, කඩුවෙල මහනගර සභාවේ සභිකයන් ලෙස ක්‍රියා කළ පිරිසක් සහ පාක්ෂිකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදීයි. 

එම සාකච්ඡාව කොළඹ මල් පාරේ පිහිටි කාර්යාලයේදී පැවැත් වුණා. මේ එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.  

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරල මහත්මිය ද එහිදී අදහස් පළ කළා.