උතුරු සහ නැගෙනහිර පළාත්වල මහවිරු සැමරුම් සහ එල් ටී ටී ඊ නායකයින් සැමරුවා යැයි පවසමින් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර සිදුකල පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ පසුගිය වසරවල පැවැත් වූ මහවිරු සැමරුම්වල ඡායාරූප භාවිතා කරමින් මෙම පුද්ගලයින් සමාජ මාධ්‍ය හරහා ජනතාව නොසන්සුන් වන අකාරායට අසත්‍ය ප්‍රචාර පතුරවා තිබෙන බවට සිදුකල විමර්ශනවලදී අනාවරණ වූ බවයි.
මේ අතර උතුරේ මහවිරු සැමරුම් උත්සව පැවති බවට අසත්‍ය තොරතුරු මුහුණු පොත ඔස්සේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයකු වන කැළුම් ජයසුමන මහතා ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කර තිබෙනවා.