Sunday, January 12, 2025

General line - 0115112241

එළවළු සහ මාළු මිල ගණන් ඉහළට




අයපත් කාලගුණයෙන් එළවළු වගාවන්ට සිදු වූ හානිය නිසා කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක එළවළු මිල ගණන් වැඩිවී ඇති බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගමයේ සභාපති සුසිල් ශාන්ත මහතා පවසනවා. 

නුවරඑළිය සහ කඳුකර ප්‍රදේශවලින් එළවළු වෙනත් පළාත්වලට ප්‍රවාහනය නොකිරීම හේතුවෙන් මෙලෙස එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි ඔහු පැවසුවේ.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය මත ධීවරයින් ද සිය ධීවර කටයුතුවල නිරත නොවීම හේතුවෙන් වෙළඳපොළෙහි මාළු මිල ගණන් ද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි මහතා පැවසුවා.