Sunday, January 12, 2025

General line - 0115112241

වට්ස්ඇප් හැක් කිරීම් පැමිණිලි 74 ක්




වට්ස්ඇප් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් පැමිණිලි 74 ක් පමණ වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. 

එහි තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා පැවසුවේ හැකර්වරුන් වට්ස්ඇප් ගිණුම්වලට අනවසරයෙන් ඇතුල් වී වැඩි වශයෙන් මූල්‍ය වංචා සිදුකරන බවයි.

සති තුනක පමණ කාලයක සිට විවිධ කණ්ඩායම්වල වට්ස්ඇප් ගිණුම් වෙත මෙලෙස අනවසරයෙන් ඇතුල් වන බවද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා වැඩිදුරටත් පැවසුවා.