Sunday, January 12, 2025

General line - 0115112241

අස්වැසුම අයදුම්පත් ගන්න නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මහ සෙනගක්

රංජිත් රාජපක්ෂ




නව රජය යටතේ අස්වැසුම දෙවන අදිරයේ අයදුම්පත් ලබා ගැනිමට සදහා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද විශාල පිරිසක් රැඳී සිටියා. 

අයදුම්පත් නිකුත් කිරිම සදහා පසුගිය 29 වනදා අංක ලබාදී තිබුණද එය නොතකා විශාල පිරිසක් අද එලෙස රැස්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මේ හේතුවෙන් ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ අනෙකුත් සේවාවන් සිදු කර ගැනිමට පැමිණ සිටි සේවාලාභින් ද දැඩි අසිරුතාවයට පත්ව තිබෙනවා.