Sunday, January 12, 2025

General line - 0115112241

ජනපති සහල් මෝල් හිමියන් සමඟ සාකච්ඡාවක




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත් වුණා. 

ඉදිරි මාසවලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙත පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

එමෙන්ම ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව ද ජනාධිපතිවරයා ඔවුන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.

සහල් හිඟයකින් තොරව ජනතාව වෙත ලබාදීම වෙනුවෙන් රට තුළ ගබඩා පහසුකම් වැඩි කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව ද එහිදී අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධය අංශය පැවසුවේ. 

එමෙන්ම නාඩු සහල් අගය එකතු කළ නිෂ්පාදන සඳහා යොදා ගැනීම නිසා පරිභෝජනයට අවශ්‍ය තොග අඩු වීම පිළිබඳව ද එහිදී අවධානය යොමු වී තිබෙනවා.

පොහොර සහනාධාරය ඵලදායී ලෙස ජාතික නිෂ්පාදනය සඳහා එකතු කිරීම අරමුණු කර ගනිමින් 

QR කේත ක්‍රමයක් හඳුන්වා දීමට ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.