Sunday, January 12, 2025

General line - 0115112241

77 වන නිදහස් දින සැමරුම් සංවිධාන කටයුතු වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල කමිටුවක්




ලබන වසරේ පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන 77 වන නිදහස් දින සැමරුම් උළෙල වෙනුවෙන් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කිරීමටයි එහිදී අනුමැතිය හිමිව ඇත්තේ. 

නිදහස් දින සැමරුම් උළෙල පැවැත්වීම හා එහි සංවිධාන කටයුතුවලට අදාළ මඟපෙන්වීම, මෙහෙයවීම සහ අධීක්ෂණය එම කමිටුවට පැවරෙනවා.