Sunday, January 12, 2025

General line - 0115112241

ආනයන බලපත්‍ර නොමැතිව රටින් සහල් ගේන්න අනුමැතිය




වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව සහල් ආනයනය කිරීමට අවසර ලබාදීමට තීරණය කර තිබෙනවා. 

ලබන 20 වනදා දක්වා එලෙස අවසරය ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.

මේ අතර මෙම මාසය සඳහා ගෑස් මිලෙහි සංශෝධනයක් නොවන බව ලිට්‍රෝ සමාගම පැවසුවා. 

ජාත්‍යන්තර වෙළඳපොළෙහි ගෑස් මිල ඉහළ ගියද ජනතාවට සහන ලබාදීමේ අරමුණින් ගෑස් මිල ඉහළ නොදමන බවයි එම සමාගම පැවසුවේ.