Sunday, January 12, 2025

General line - 0115112241

ආණ්ඩුව ගැන පළමු ඡන්දය අද




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව අද දෙවන දිනටත් විවාදයට ගැනෙනවා. 

එම යෝජනාවට අදාළ විවාදය ඊයේ දිනයේ ද පැවැත්වුණා. 

අද දිනයේ විවාදය පෙරවරු 09යි 30 සිට පස්වරු 05 දක්වා පැවැත්වීමට නියමිතයි. 

ඊට අදාළ ඡන්ද විමසීම පස්වරු 05ට පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර ආණ්ඩුවේ වැඩපිළිවෙළ හරහා ජනතාවට ප්‍රතිලාභ හිමි වීම සඳහා තවත් කාලයක් ගත වනු ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. 

ඒ, පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් දක්වමින්. 

මේ අතර ලබන වසරේ පළමු මාස 04 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය වූ බවයි සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ.

අදාළ යෝජනාව සඳහා ඡන්දයක් අවශ්‍ය නොවන බවට පක්‍ෂ නායකයින් තීරණය කළ බවද සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවා.