Sunday, January 12, 2025

General line - 0115112241

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි




ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී අද ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා. 

ප්‍රතිපත්ති ප්‍රකාශය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 

ඊට අදාළ විවාදය ඊයේ සහ අද පැවති අතර පසුව පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව එය ඒකමතිකව සම්මත වුණා.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදය අද පස්වරු 05 දක්වා පැවති අතර අද රාත්‍රී 09යි 30 වන තුරු පාර්ලිමේන්තුව පැවැත්වෙනවා. 

දැන් පැවැත්වෙන්නේ ආපදා තත්ත්වය පිළිබඳ විවාදයයි.