Sunday, January 12, 2025

General line - 0115112241

විශ්වාසභංගයෙන් අගමැති පරාදයි - ප්‍රංශ රජය බිඳ වැටෙයි




ප්‍රංශ රජය හදිසියේ බිඳවැටී තිබෙනවා. 

ඒ, එරට අග්‍රාමාත්‍ය මිචෙල් බාර්නියර් විශ්වාසභංගයෙන් බලයෙන් පහ කිරීමත් සමඟයි. 

1962 වසරෙන් පසු මෙලෙස විශ්වාසභංගයකින් ප්‍රංශ රජය බිඳවැටුණු පළමු අවස්ථාව මෙයයි.

අයවැය සම්මත කරගැනීම සඳහා අයුතු ලෙස බලය බෙදා ගැනීම පිළිබඳ එල්ල වූ විරෝධය, ප්‍රංශ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට හේතු වී තිබෙනවා. 

යෝජනාව සම්මත වීමට ඡන්ද 288ක් අවශ්‍ය වූ අතර යෝජනාවට පක්ෂව ඡන්ද 331 ක් ලැබී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයට මිචෙල් බාර්නියර් පත් කරන්නේ මීට මාස තුනකට පෙරයි. 

මේ වන විට අග්‍රාමාත්‍යවරයාට ධුරය අහිමි වීමත් සමග ප්‍රංශයේ දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් වැඩි කරනු ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

ඒ අනුව ජනාධිපතිවරයාට අනුප්‍රාප්තික අග්‍රාමාත්‍යවරයෙකු තෝරා ගැනීමට සිදුවන අතර ඔහු භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති.

මේ අතර දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව ද එරට විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෝෂාභියෝගයක් ගෙනවිත් තිබෙනවා. 

දකුණු කොරියානු ජනාධිපතිවරයා පැනවූ යුද නීතිය එරට පාර්ලිමේන්තුව පරාජය කිරීමත් සමග එරට තුළ මෙම දේශපාලන අර්බුදය මතු වුණා.