රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ, ලබන වර්ෂයේ මුල් මාස 4ක කාලසීමාව සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීමේ අරමුණින්.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අද සහ හෙට යන දෙදින තුළ ඊට අදාළ විවාදය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
පාර්ලිමේන්තුව අද පෙරවරු 09යි 30ට ආරම්භ වනවා. එහි සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.