ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බෞද්ධ භික්ෂුවක් සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් වන ඔක්ස්ෆර්ඩ් සරසවියට තේරී පත් ව තිබෙනවා.
ඒ, වසර 105කට පසුවයි. ලග්ගල ප්‍රදේශය උපත ලබා ඇති උන්වහන්සේ නමින් පූජ්‍ය වඩිගල සමිතරතන ස්වාමීන්ද්‍රයන්.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව උපාධියකින් සමත් වන වඩිගල සමිතරතන හිමියන් පසුව සිය දර්ශනපති උපාධිය සඳහා බි්රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට පැමිණ තිබෙනවා.
1919 වර්ෂයෙන් පසුව ඔක්ස්ෆර්ඩ් සරසවිය වෙත ලාංකික භික්ෂුවකට ශිෂ්‍යත්වයක් ලැබී ඇත්තේ දෙවනි වරට වීම විශේෂත්වයක්.
එහි පළමු භික්ෂුව වූයේ පූජ්‍ය සූරියගොඩ සුමංගල නාහිමියන්.