තමන් මාර්ගයේ ගමන් කරන විට මාර්ග වසා දැමීමක් සිදු නොකරන ලෙස ජනාධිපතිවරයා දැනුම්දීමක් කර තිබුණද පොලීසිය විසින් මාර්ග වසා තබන බව රියදුරන් චෝදනා කරනවා.
මේ හේතුවෙන් ඇතැම් මාර්ගවල රථවාහන තදබදයන් පවා ඇතිවන බවයි ඔවුන් පවසන්නේ. බොරැල්ල නගරය ඊට උදාහරණයක්.
ජනාධිපතිවරයා පැමිණීමට පෙර සිටම මාර්ග වසා තැබීම හේතුවෙන් වැඩි වේලාවක් තමන්ට මාර්ග තදබදයේ රැඳී සිටීමට සිදු වන බවයි රියදුරන් පවසා ඇත්තේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ පොලිස්පතිවරයාගේ අවධානය යොමුවිය යුතු බව රියදුරන් ඉල්ලා සිටිනවා.