Saturday, January 11, 2025

General line - 0115112241

හන්තානේ අතරමං වු සිසුන් පිරිසක් යුද්ධ හමුදාවෙන් බේරා ගැනේ




කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් විනෝද චාරිකාවක නිරත වෙමින් සිටියදි හන්තාන කන්ද නැරඹිමට ගොස් අතරමංවී ඇති අතර එම පිරිස නිරුපද්‍රිතව මුදවා ගැනීමට යුද්ධ හමුදා භට පිරිස් සමත්ව ඇත. 

වයස අවුරුදු 16 ත් 17 අතර, පසුවන මෙම පිරිස නුවර ප්‍රදේශයට පැමිණ හන්තාන කන්ද නැරඹිම සඳහා එය තරණය කර ඇත. 

එහිදී කන්දේ අනාරක‍‍්ෂිත ප්‍රදේශයක් නැරඹිමට ගොස් එක් අයෙකුගේ කකුලේ ඇති වු මස්පිඩු පෙරලිමක් සිදුවීම හා පැවති මීදුම හේතුවෙන් මාර්ගය සොයා ගැනීමට අපහසුවී නැවත පැමිණිමට නොහැකිව අතරමංවී ඇත.

මේ පිළිබඳව යුද්ධ හමුදාවේ භට පිරිස් වෙත සැලවීමෙන් පසු එම පිරිස ආරක‍්ෂිතව මුදවා ගැනීමට 111 බලසේනා මුලස්ථානය හා 2 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් මෙහෙයුමක් අරඹා ඇත. 

ඒ අනුව රාත්‍රි 08 ට පමණ මෙම සිසුන් මුදවා ගැනීම ආරම්භ කර ඇති අතරල අලුයම් කාලය වන විට එම සිසු පිරිස ආරක්‍ෂිතව පහලට රැගෙන ඒමට යුද්ධ හමුදා භට පිරිස්'කටයුතු කර ඇත.