Saturday, January 11, 2025

General line - 0115112241

ලොහාන් රත්වත්තේ සහ බිරිඳට ඇප




රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ අද ඇප මත මුදාහැර තිබෙනවා. 

ඒ, සැකකරුවන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

ඒ අනුව දෙදෙනාටම රුපියල් 25,000ක මුදල් ඇපය බැගින් සහ එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප 2ක් බැගින් නියම කර තිබෙනවා. 

ඊට අමතරව ලොහාන් රත්වත්තේ මහතාට විදෙස් ගමන් තහනමක් ද පැනවීමටයි නියෝග කර ඇත්තේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැණුනා. 

ඒ, එම රථය නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් බවට අනාවරණ වීමත් සමගයි.