ලොව විශාලතම ගුප්තකේතන මූල්‍ය ඒකකයක් ලෙස සැලකෙන බිට්කොයින් (Bitcoin) හි මිල ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු ඩොලර් ලක්ෂයේ සීමාව පසුකර තිබෙනවා.
එය බිට්කොයින් සදහා මෙතෙක් වාර්තා වූ ඉහළම අගයයි.
අමෙරිකානු ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමෙන් පසු මෙවැනි ගුප්තකේතන මුදල් කෙරෙහි හිතකාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බැවින් මෙලෙස බිට්කොයින් (Bitcoin) හි මිල ඉහල යාමට හේතුවයි. බිට්කොයින් (Bitcoin) හි මිල ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු ඩොලර් ලක්ෂයේ සන්ධිස්ථානය පසුකිරීම, ලොව පුරා ගුප්තකේතන මූල්‍ය ඒකක, ක්‍රිප්ටෝ කරන්සි (Crypto Currency) රසිකයින් සැමරීම ද ආරම්භ කර තිබෙනවා.