Saturday, January 11, 2025

General line - 0115112241

විදෙස් කාන්තාවකගේ ජංගම දුරකතනය පැහැරගත් සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්

රංජිත් රාජපක්ෂ




කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ දිනයේ ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගමන් කල ස්පාඤ්ඤ ජාතික කාන්තාවකට පොල්ලකින් පහර දි ඇයගේ අතෙහි තිබු ජංගම දුරකථනය ඩැහැගත් සැකකරුවන් දෙදෙනෙකු වටවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී හැටන් මහේස්ත්‍රාත් එම් ෆරුක්ඩින් මහතා නියෝග කර ඇත්තේ එම සැකකරුවන් මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. 

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වටවල පොලිස් වසමට අයත් රොසැල්ල සහ විග්ටන් වතුයායේ පදිංචි සැකකරුවන් දෙදෙනෙක්.

වටවල රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතරදී තමන් මෙම සිද්ධියට මුහුණ දුන් බව අදාළ ස්පාඤ්ඤ ජාතික කාන්තාව ඇල්ල සංචාරක පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු වටවල රොසැල්ල ප්‍රදේශයේදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.