Sunday, January 12, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ පෙත්සමක් සමථයට පත්වෙයි

උදය කුමාර




ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සමථයට පත්කෙරුණා. 

මෙම පෙත්සම ගොනු කර තිබුණේ බස්නාහිර පළාත් රග්බි සංගමයේ ලේකම් රොෂාන් ඩීන් මහතා විසින්. 

මෙම පෙත්සම මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ වි්නිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්ම වර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට නිලධාරීන් පත් කර ගැනීම සඳහා නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා තීරණය කර ඇති බව සඳහන් කළා.

ඒ සඳහා ඔලිම්පික් කමිටුවේ සාමාජිකයකු ඇතුළු තුන්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට නියමිත බවත් ඔහු පැවසුවා. එම කමිටුව විසින් නිලවරණයේ ඡන්ද හිමියන්ගේ නාමලේඛනය අනුමත කිරීමට නියමිත අතර ඉන් පසුව නිලධාරින් තෝරා ගැනීමට නියමිත බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ කෙරුණා.

එම නිලධාරින් තෝරා ගැනීමෙන් පසුව ඔවුන් විසින් රග්බි සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හැකියාව තිබෙන බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ

එම කොන්දේසි වලට දෙපාර්ශ්වය එකඟතාවය පළකිරීමෙන් අනතුරුව අදාළ පෙත්සම සමථයට පත් කිරීමටද නියෝග කෙරුණා.