මේ වන විට ගිවිසුම්ගත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කරන ලෙසත් ඒ අනුව ඵලදායී ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ, බලශක්ති අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධිත ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
මෙම සාකච්ඡාවේදී පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇති අතර සූර්ය පැනල ව්‍යාපෘති පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් ව තිබෙනවා.
ගිවිසුම්ගත වුවද අකාර්යක්ෂම ව්‍යාපෘති ඇත්නම් ඊට අදාළ නිසි පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දී ඇත්තේ.
බලශක්ති අමාත්‍ය විදුලි ඉංජිනේරු කුමාර ජයකොඩි, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය ටී එම් ඩබ්ලිව් ජේ බණ්ඩාර, ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සභාපති ඉංජිනේරු ජනක අලුත්ගේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව තිබෙනවා.