විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඊට අදාළ දත්ත සමාලෝචනය කර අවසන් යෝජනාවලිය මේ වන විට සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.
සංශෝධිත යෝජනාවලිය භාර දීමෙන් පසු විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග මහජන උපයෝගිතා කොමිසම විසින් ගත යුතු වනවා.
විදුලි ගාස්තු අඩු කිරීම සඳහා අදාළ යෝජනාවලියක් මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලය මගින් ඉදිරිපත් කළද එය සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී තිබුණා.
විදුලිබල මණ්ඩලය නව යෝජනාවලිය ඉදිරිපත් කරන්නේ ඒ අනුවයි.