Saturday, January 11, 2025

General line - 0115112241

කාලගුණයේ බලපෑමෙන් ලුණු හිඟයක අවදානමක්.




ඉදිරියේදී වෙළඳපොළේ ලුණු හිඟයක් ඇති වීමේ අවදානමක් මතුවෙමින් පවතින බව වෙළඳපොළ වාර්තා අනාවරණ කරනවා. 

ඊට හේතු වී ඇත්තේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දේශීය ලුණු නිෂ්පාදනය පසුගිය කාලසීමාව තුළ සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබීමයි. 

මෙරටට ලුණු ආනයනය කිරීමද තහනම් කර තිබෙනවා. 

ඒ අනුව පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමට අදාළ බලධාරීන් පියවර නොගත හොත් ඉදිරියේදී මෙරට තුළ ලුණු හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.