Saturday, January 11, 2025

General line - 0115112241

සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයින් රවටා මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට




අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයාගත හැකි බව පවසා පුද්ගලයින් රවටා මුදල් වංචාකළ සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු දිගන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙක්. 

අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයාගත හැකි බවට පවසා රුපියල් ලක්ෂ 05කට අධික මුදලක් ගිණුම්ගත කරවා ගත් බවට පුද්ගලයෙකු විසින් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අදාළ සැකකරු සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයින් සම්බන්ධකර ගනිමින් එලෙස මුදල් වංචා කර ඇති බවට අදාළ පැමිණිල්ල ලැබී තිබුණු බව පොලීසිය පැවසුවා.