Saturday, January 11, 2025

General line - 0115112241

නුවරඑළිය ලංගම ඩිපෝවේ මුරකරු ඝාතනය කර මුදල් සොරා ගැනීමේ සිද්ධියක් ගැන පොලිස් විමර්ශන

රංජිත් රාජපක්ෂ




නුවරඑළිය ලංගම ඩිපෝවේ සේවය කළ මුරකරුවෙකු තියුණු අයුධයකින් ඔහුගේ හිසට පහර දී ඝාතනය කර තිබෙනවා. 

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නුවරඑළිය ගල්පාය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්. 

එම මුරකරු ඝාතනය කර, එම ඩිපෝවේ අල්මාරියක් තුළ තිබු රුපියල් ලක්ෂ නවයකට ආසන්න මුදලක් කිසියම් පිරිසක් විසින් රැගෙන ගොස් ඇති බවටයි මුලික විමර්ශණවලදි අනාවරණය වී ඇත්තේ. 

ඝාතනය සිදු වූ අවස්ථාවේ එම ඩිපෝවේ ස්ථාන භාර නිලධාරිවරයා සහ මුදල් අයකැමි ඩිපෝව තුළ රැඳී සිට ඇතත්, ඔවුන් නින්දට ගොස් සිටියදී මෙම ඝාතනය සිදු කර ඇති බව නුවරඑළිය පොලිසිය පැවසුවා. 

ඊයේ දිනයේ එම ඩිපෝවේ ධාවනය කළ බස් රථවල ආදායම බැංකුගත කිරීම සඳහා අල්මාරියේ තබා තිබියදී එලෙස සොරාගෙන ඇති බවයි නුවරඑළිය ඩිපෝවේ ප්‍රධානියෙකු පැවසුවේ.