කෝපා කමිටුව හෙවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර තිබෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (6) පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්
එමෙන්ම පැවති ආණ්ඩුවේ බොහෝ කටයුතු විමර්ශනය කළ යුතු බැවින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ධුරය ආණ්ඩුව ලබා ගන්නා බවද බිමල් රත්නායක මහතා පර්ලිමේන්තුවේදී වැඩි දුරටත් සඳහන් කර සිටියා.
මේ අතර අද උදෑසන සභානායක වරයා පවසා සිටියේ ආංශික කාරක සභාව පත්කිරීමට ජනවාරි මස 31 දක්වා කාලය ලබාගෙන තිබෙන බවත් මුදල් කාරක සභාව පත්කිරීම පිළිබඳව අද පස්වරුවේ ගැනීමට තීරණය කර තිබෙන බවද පැවසුවා.