Saturday, January 11, 2025

General line - 0115112241

අපේක්‍ෂකයින් 6,000කට වැඩි පිරිසක් මහමැතිවරණයේ වියදම් වාර්තා ලබා දී නොමැති බවට අනාවරණයක්




2024 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයින්ට ආදායම් සහ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලසීමාව අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. 

මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ පසුගිය මහමැතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයින් 8,361 දෙනා අතරින් දැනට වියදම් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ අපේක්‍ෂකයින් 1,985 දෙනෙකු පමණක් බවයි. 


නියමිත කාලසීමාව තුළ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ අංශ වෙත ලිපි ගොනු භාරදෙන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.