Saturday, January 11, 2025

General line - 0115112241

දකුණු කොරියානු ජනපති දෝෂාභියෝගයක් අභියස




දකුණු කොරියාවේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන බවට එරට පාලක පක්ෂය ප්‍රකාශ කර තිබෙනවා. 

ඒ පසුගියදා ජනාධිපතිවරයා හදිසියේ යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග පාර්ලිමේන්තුවේ මෙන්ම ජනතා විරෝධය එල්ල වීම හේතුවෙන්. 

දෝෂාභියෝගය සම්මත වීමට නම් දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 200 දෙනෙකුගේ සහය අවශ්‍ය වනවා. 

ඒ අනුව දකුණු කොරියානු ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගය ජය ගැනීමට නම් විපක්ෂයට අවම වශයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අට දෙනෙකුගේ සහාය අවශ්‍ය වන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. 

දකුණු කොරියානු ජනාධිපතිවරයා ධූරයේ රාජකාරී කටයුතුවලින් හැකි ඉක්මනින් ඉවත් විය යුතු බවද එරට පාලක පක්ෂයේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.