පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පුද්ගලයින් 2,324 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
පවුල් 708ක පිරිසක් ආරක්ෂිත ස්ථාන 40ක එලෙස රඳවා සිටින බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 901 දෙනෙකු සහ යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 491 දෙනෙකු ඒ අතර වන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.
මේ අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.