හෙරොයින් ජාවාරම් කරමින් සිටි යුධ හමුදාවේ කෝප්රල්වරයෙකු සමග තවත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගාල්ල සේනාංක බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව රත්ගම, පල්ලියපිටිය ප්රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
එම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ එම රත්ගම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 39 සහ 46 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙක්.
හෙරොයින් ග්රෑම් 05යි මිලි ග්රෑම් 850ක්, රුපියල් එක් ලක්ෂ 47,210ක මුදලක් සහ යතුරුපැදියක් ද ඔවුන් සන්තකයේ තිබී සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
සැකකරුවන්ගෙන් සිදුකළ ප්රශ්නකිරීම්වලදී එක් සැකකරුවෙකු යුධ හමුදාවේ ඉන්ජිනේරු බලකායේ යාපනයේ මයිලඩි කඳවුරට අනුයුක්තව රාජකාරි කරන නිලධාරියෙකු බවට තොරතුරු අණාවරණ වී තිබෙනවා.