යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා තොගයක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.
එහිදී තෙත බර සහිත කේරළ ගංජා කිලෝ 45යි ග්‍රෑම් 500ක තොගයක් සොයා ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.
මුහුදේ පාවෙමින් තිබු සැකකටයුතු පොලිතීන් උර දෙකක් නිරීක්‍ෂණය කිරීමේදී එම කේරළ ගංජා තොගය සොයාගෙන තිබෙනවා.
එවායේ වටිනාකම රුපියල් මිලියන 18කට අධිකයි.
නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් අදාළ කේරළ ගංජා තොගය එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන බවයි නාවික හමුදාව සඳහන් කළේ.