අධි ආරක්ෂිත යාල රක්ෂිතය තුලට අනවසරයෙන් ඇතුළු වී එහි ස්වාභාවික පරිසරයට හා ජෛව විවිධත්වයට දැඩි හානි ගෙනදෙමින් වගාකර තිබූ ගංජා හේනක් පොලිස් විශේෂ කාර්ය බලකායේ බුත්තල කඳවුරේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.
එහිදී සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගංජා ගස් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් සොයා ගැණුනු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
සිය භාරයට ගැණුනු ගංජා ගස්වලින් 100ක් ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගෝනගංආර පොලිස් ස්ථානය වෙත භාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.
සෙසු ගංජා ගස් සියල්ල එම ස්ථානයේදීම ගිණි තබා විනාශ කර තිබෙනවා.
යාල රක්‍ෂිතය තුළ ස්ථාන කිහිපයක කැළෑ එළි පෙහෙළි කර අක්කර 16 කට ආසන්න භූමි ප්‍රදේශයක එම ගංජා වගාව පවත්වාගෙන ගොස් තිබෙනවා.
මැත කාලයේ අත්අඩංගුවට ගත් විශාලම ගංජා තොගය මෙය බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළා.