Saturday, January 11, 2025

General line - 0115112241

පොල් ගැසීම සියයට 80කින් පහලට




කතරගම දේවාලය ඉදිරිපිට පොල් ගැසීම  සියයට 80කින් පමණ අඩු වී තිබෙනවා 

වර්තමානයේ රටෙහි පවතින අධික පොල් මිල හමුවේ බැතිමතුන් පොල් ගැසීමෙන් වැළකී සිටින බවයි නෙත් නිවුස් වාර්තා කරු එම් කේ නන්දසේන සඳහන් කර සිටියේ .

කතරගම, සෙල්ල කතරගම, වැඩිහිටි කන්ද,ආදී ප්‍රදේශ වල පදිංචි වී සිටින ජනවතවට මෙන්ම රසකැවිලි නිෂ්පාදනය කරන වෙළඳුන්ටද  මෙම පොල් හිඟය සහ අධික පොල් මිල බලපා තිබෙනවා.

කතරගම වන්දනා කරුවන් බාරහාර සඳහා අතීතයේ සිට  පොල් ගැසීම සිදු කරනුලබන අතර මෙම අධික පොල් මිල සහ හිඟය  හේතුවෙන් පොල් ගැසීම සියයට 80කින් අඩු වී ඇති බවද කතරගම දේවාලයේ  කපු මහතුන් සඳහන් කර සිටියේ.