කොල්ලුපිටියේ නිවාස සංකීර්ණයකින් පැන විදේශිකයෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා.
පසුගිය 03 වැනිදා මෙම විදේශියයා කොල්ලුපිටිය ක්‍රෙස්කැට් මහල් නිවාස සංකීර්ණයෙන් පැන ඇති බවයි කොල්ලුපිටිය පොලිසිය සඳහන් කර සිටියේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 51 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන අතර ඔහු කිසියම් මානසික ආබාධයකින් පෙළුනු පුද්ගලයෙකු බවට ද නිරීක්ෂණය වී ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කර සිටියේ.
ද්විත්ව පුරවැසිභාවය හිමි විදේශිකයා එම ගොඩනැගිල්ලේ 7 වැනි මහලේ තාවකාලිකව පදිංචිව සිට ඇති බවයි පොලිසිය සිදු කල විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
කොල්ලුපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදු කරනු ලබනවා.