Saturday, January 11, 2025

General line - 0115112241

යළි අත්අඩංගුවට පත්වූ ලොහාන්ගේ තවත් වාහනයක් ගැන විමර්ශන




බීමත්ව රිය පැදවීමේ චෝදනාව යටතේ ඊයේ කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත තිබෙනවා. 

ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පැදවූ ඩිෆෙන්ඩර් රථය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනද ආරම්භ කර ඇති බවයි පොලීසිය පවසන්නේ. 

ඒ, අදාළ රථය නීත්‍යනුකූලව ගෙන්වන ලද එකක්ද යන්න පිළිබඳ තොරතුරු සොයාබැලීම සඳහායි. 

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැදවූ එම ඩිෆෙන්ඩර් රථය නීතිඥවරයෙකුට අයත් රථයක ගැටී තිබුණා. 

එම අවස්ථාවේදී ඔහු අදාළ නීතිඥවරයාට  තර්ජනය කළ බවටද පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මකයි. 

අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇප මත මුදාහැරුණේ පෙරේදා දිනයේයි.